දුකිනි තනිවම ඉවත යන්නේ

දුකිනි තනිවම ඉවත යන්නේ… මගේ ගම රට හැරදමා….
හරිම ආසයි යන්න ඇත්නම්… තවත් සැරයක් ඔබ බලා….

සුදට සුදු පෙණ සෙමර සලමින්…වෙරළ සිප එන හැටි පෙනේ….
මුහුදු රළ පෙළ බොලඳ මියුලැස… ඔබට මුතු මාලා ගෙනේ…
මාගේ රන්කඳ පිය ලඳේ… කාලෙකට මම එන්නේ නෑ…
ඔබ දකින්නට කාලෙකට මම… මුහුදු වෙරලට එන්නේ නෑ….

හැමෝටම ලස්සන ආදර කතාවක් තියනවා,
එත් ඒ කතාවට විරාමයක් තියලා යන්න හිතුවේ නෑ මම..
ඔයාගේ අඩුව මට හැමදාම දැනේවි..
එත් මතක තියාගන්න අපි ආයෙමත් මුණගැහේවි ..
හොද දවසක් ආයෙත් ආවොත්..
නැත්නම් මම ඔබවත් එක්ක යන්නම් ඒ රටට..
අපිට සතුටින් ලං වෙලා ඉන්න පුළුවන්..
අනාගතේ ගැන හීන දකින්න පුළුවන් තැනකට..
එක්ක යන්නම් මම ඔබව…
හැමෝම සතුටින් ජිවත් වෙන රටකට..
ඒ වෙනකම් ඔබව තියාගන්නම් මගේ හදවතේ මම..

අදට වලංගු ගීතයක්. ආදරේ කරපු අය වෙන්වෙලා යන්න ඇති වේදනාව ඉතුරු කරලා..
යන්න නොහිතපු අයටත් යන්න වෙන්න ඇති හීන හැබෑ කරගන්න..
නමුත් හොද දවස් අයෙමත් ඒවි, ඒ අය නැවත මුණගැහේවි ..


කළු ඇස් තිබුන ගැහැණු ළමයා

කළු ඇස් තිබුන ගැහැණු ළමයා..
එකම දේ සැරින් සැරේ මගෙන් ඇහුවා..
ඇයි ඔයාව මට මීට කලින් මුණගැහුනේ නැත්තේ?
ඒකම අහල මාත් එක්ක රණ්ඩු කරා හැමවෙලේම..

මට ආදරේ නෑ කියල මට තරහින් කිව්වා..
ඒ උනාට එයාගේ හැම පොතකම කොතැනක හරි..
මගේ නම ලියල තිබුනා..

මමත් එයාට පිස්සු වැටිලා හිටියා..
ආදරේ කළා..
සමහර වෙලාවට තේරුම් කරන්න අමාරු උනා..
එයාගෙන් වෙන් වෙලා ඉන්න එක කොච්චර අමාරුද..
කියලා තේරුම් කරවන්න මට අමාරු උනා..

කළු ඇස් තිබුන ගැහැණු ළමයා..

Sri Lanka Crisis – All are thieves

I thought to write this about my mother land because one day if someone needs to understand the situation here it would be great help to hear it from a person who really experienced the situation. There is no need to admire the beauty of the country and the hospitality of the people, there is no doubt the we have plenty of it. What we did not have is the correct leadership, they have highly corrupted, very old leaders running the country right now.

Lot of people here has been addicted to the alcohol, when Englishmen leave the country they have given us lot of good things but one bad thing, that is alcohol. People used to it and one generation has been ruined their lives because of this alcoholic usage. I think it was not good for a poor country like Sri Lanka, because at those time people were not well educted to choose what is the right and wrong. Some powerful families took the advantages and used to rob the country, they robbed the country for them and their younger generations, and they have deposited the wealth in some other countries. Later some other families came into power and they robbed the country even more than the previous leaders. I would reluctant to call them as leaders because leaders are not thieves, leaders suppose to lift the heavy weight for their team or the country.

These leadres have not done anything to develop the country, they never had a vision for the country, they had vision only for their families. The poor people of Sri Lanka, I know them very well, majority are buddhists and very good people. Upto this point/date they have lived peaceful life, they had foods, basic needs, fuel, etc, then we faced easter attacks, more than 260 catholics were killed by the bomb blasts by Islamic extremists, then there came current president, Mr Rajapaksha who is the younger brother of elder Rajapaksha who was leading the country for more than 10 years. Now we are facing a crisis we have never faced before, High inflation, fuel and cooking gas shortage, high prices for cooking gas and fuels makes people to come out and protest.

I think that is totally because of this Rajapaksha family, they have damaged this country, Rajapaksha family nepotism has done major damage to the country. No one can prove how much they have stolen from the country but it should be Billions of Dollars. Now what should we do? leave the country ? yes that is a option, but how do I do that ? My relatives my friends are living here, their children living here, so how do I leave the country.

Not only the Rajapakshas, but all the other 225 memebers of the parliment is robbing the country. 225 MP for this small country? that seems or sounds like a joke right? yes of course it is joke, a joke we cannot laugh, a joke we have to think again, because we as a people need to maintain these 225 and their expenses. There we have maintain to provincial councels and municipal councels as well. We are on the roads and protesting for the betterment of the country and the young generation. We do not know how far we can go without help.

I do not know who is going to help us but I believe some one will help us. It is said that hackers will help us to expose the wealth of Rajapakshas #Anonymous . I do not know more about what will happen in the future, but I’m sure it will be tough time for us here in. Help us to re-build.

කණ්ඩලම හෝටලය වසා දමන ලදී

ලෝක ප්‍රසිද්ධ කණ්ඩලම හෝටලය සිය මෙහෙයුම් සම්පුර්ණයෙන් නවතා දැමූ බව පසුගිය සතියේදී ප්‍රකාශ කරන ලදී, ඇයි එහෙම උනේ? කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ වසා දැමුණු පළමු හෝටලය මෙය නොවුනත් මේ වසා දැමීම ගැන විග්‍රහයක් අපිට කරන්න පුළුවන්. මුලින්ම කණ්ඩලම කියන්නේ ඉතා හොදින් ලාබ ලබපු හෝටලයක්, එයාලට හැකියාව තිබුන හදිසියෙවත් හෝටලය පාඩු ලබන තත්වයක් උද්ගත උනොත් අඩුම තරමේ අවුරුද්දක් වත් හෝටලය වහන්නේ නැතිව, සේවකයන්ට පඩි නඩි ගෙවමින් පවත්වාගෙන යන්න.

දැන් අපි බලමු හෝටලයේ අදායම, අපි හිතමු හෝටලයේ අදායම මසකට රු.100,000 (ලක්ෂ 1), මේ ආදායමෙන් හෝටලයේ සියලු වියදම් ගෙවා දමා තව රු. 50,000 ක ලාබයක් ලබනවා යයි සිතමු, ඒ කියන්නේ සියලුම පුනරාවර්තන වියදම් වල එකතුව රු,50,000. දැන් හදිසියේ ආව කොවිඩ් නිසා හෝටලයේ මාසික අදායම ටිකෙන් ටික අඩු වෙනවා, ඉතින් එක අවස්ථාවක් එනවා මාසික අදායම රු 50,000 වන, ඒ කියන්නේ හෝටලයට ලාබයක් නෑ , නමුත් සේවකයන්ගේ පඩි ගෙවාගෙන කොහොම හරි හෝටලය වහන්නේ නැතිව පවත්වාගෙන යන්න පුළුවන්. (අපි හිතමු විදේශ සංචාරකයෝ නැති උනත් දේශීය සංචාරකයෝ හරි එනවා කියලා). හෝටලයේ කළමනාකාරිත්වය හිතන්න පුළුවන් “හරි කමක් නෑ , අමාරුවෙන් හරි සේවකයෝ රස්සාවෙන් අයින් කරන්නේ නැතිව මේ විදිහට හරි ටික කාලයක් කරලා බලනවා “

එත් හිතන විදිහට හැමදේම වෙන්නේ නෑ, දේශීය සංචරකයොත් ටිකෙන් ටික අඩුවෙන්න ගන්නවා, දැන් අදායම රු.40,000, රු. 30,000 වගේ අඩු වෙනවා, දැන් මොකද වෙන්නේ? හෝටලයේ වියදම් පියව ගන්නවත් සරිලන අදායමක් ලැබෙන්නේ නෑ, මේ වෙලාවෙදිත් කළමනාකාරිත්වය තීරණය කරනවා හෝටලය පවත්වාගෙන යන්න, එත් දැන් අදායමට වඩා වියදම වැඩියි, එක්කෝ වියදම් කප්පාදු කරන්න වෙනවා, සේවක කප්පාදුවක් සිදු කරන්න වෙන්න පුළුවන්, එත් හෝටලය එහෙම කරන්නේ නෑ , එයාල එයාලගේ එදිනෙදා වියදම් තවත් මාස හයකට පියව ගන්න බැංකුවකින් ණයක් ගන්නවා, දැන් මාස 6කට බය වෙන්න දෙයක් නෑ, දේශීය සංචාරකයෝ සුළු ප්‍රමාණයක් එනවා සහ ගත්ත ණය මුදල නිසා මාස 6කට හෝටලය පවත්වාගෙන යන්න පුළුවන් සේවක කප්පාදුවක් නොකර.

මාස 6ත් ගෙවිල ගියාට පස්සේ ආපහු හෝටලය කලින් හිටපු තත්වෙටත් වඩා අමාරු කාලෙකට මුණ දෙනවා, දැන් නය පොලි වාරික විදිහට අලුත් වියදමකුත් එකතු වෙලා, එත් අදායම තාමත් කලින් තිබුන ප්‍රමානයමයි, මේ නිසා ඉහල කළමනාකාරිත්වයෙන් හෝටලයට උපදෙස් දෙනවා ටික කාලයකට හෝටලය වසා දමන්න කියලා, එත් හෝටලයෙන් කියනවා එහෙම කරන්න තියන නොහැකියාව සහ ඒකට හේතු, එක, දැනට ලැබෙන ආදායමත් අහිමි වීමෙන් සියලු අදායම් අහිමි වීම. , දෙක, හෝටලය වසා දැමුවොත් සියලුම සේවකයිනට රැකියා අහිමි වීම සහ ඔවුන්ගේ අදායම අහිමි වීම, තුන, ණය පොලි වාරික ගෙවීමටවත් අදායමක් නොමැති වීම. ඔන්න ඔය හේතු ටික පැහැදිලි කලාම ඉහල කළමනාකාරිත්වයට එයාලගේ පිලිතුර උනේ සියලුම සේවකයන්ට මාසික දීමනාවක් ලබාදී මාස 6කට හෝටලය වසා දමන ලෙසය. ඉතින් ඒ විදිහට හෝටලය මාස 6කට සියලු කටයුතු අත්හිටවනවා, එත් ලොකු ප්‍රශ්නයක් නෑ , සේවකයනට මසකට දීමනාවක් ලැබෙනවා, ඒ නිසා අවුලක් නෑ .

නැවතත් මාස 6කට පසුව හෝටලය සිය මෙහෙයුම් කටයුතු ආරම්භ කරනවා, ඒ උනත් කොවිඩ් තත්වය නිසා ඔවුන්ගේ අදායම වැඩි වීමක් සිදු වන්නේ නෑ, ඒ නිසා ඉහලින් නැවතත් මාස කීපයකට පසු නියෝග ලැබෙනවා හෝටලය සම්පුර්ණයෙන් සිය මෙහෙයුම් කටයුතු අත්හිටවියයුතු බවට. ඉතින් මේ වෙලාවේදී හෝටලය සම්පුර්ණයෙන් වසා දැමෙනවා. මේ වෙලාවේදී සේවකයින්ට දීමනා නෑ, මොකද මේ අවස්ථාව වෙන විට හෝටලය විසින් මෙවන් හදිසි අවස්ථාවන් සදහා වෙන්කර තිබූ සංචිත ශුන්‍ය වී තිබු නිසා.

කණ්ඩලම හෝටලය වහපු කතාව ඇත්ත උනත් මේ උඩ තියන කතාව කාලීන අවශ්‍යතාවයක් වෙනුවෙන් ගොතන ලද එකක් බව සදහන් කල යුතුය, කණ්ඩලම හෝටලය අද දවස වෙන විට ලංකාවට සමාන කලොත් ඇයි මේ ආණ්ඩුව රට වහන්න මෙච්චර අකමැති කියලා කතාව හොදින් කියවුවොත් වැටහේවි, සරලව කිව්වොත්, භාණ්ඩ හා සේවා වෙනුවෙන් රජයට ලැබෙන බදු අදායම අහිමි වෙනවට රජය කැමති නෑ, එහෙම අහිමි උනොත් රජයේ පුනරාවර්තන වියදම් වෙනුවෙන් (රාජ්‍ය සේවක වැටුප් සහ මහජන සුබ සාධනය වෙනුවෙන් රජය කරන වියදම් අති විශාලයි) රජයට ණය ගන්න වෙනවා, එහෙම වෙන්නේ රජය සතු සංචිත ඉතා වේගයෙන් අඩු වෙමින් පවතින නිසා. අපි හිතන්නේ නෑ මේ වෙලාවේ රජයට ප්‍රමාණවත් සංචිත තිබුනා නම් රට වහන්න මෙච්චර නහයෙන් අඩන්න වෙයි කියල, ලංකාවට මේ සිදුවෙලා තියන ඉතා බැරෑරුම් තත්වයට මේ රට පාලනය කල සියලු නායකයින් අඩුවෙන් හෝ වැඩියෙන් වග කිවයුතු අතර, එවන් පුද්ගලයින් ඉහලට ඔසවා තැබූ අපිද ඒ වගකීමේ කොටස් කරුවන් බව පිළිගත යුතු සත්‍යකි.

ඒ දවස්

ජීවිතය හරිම පුදුමයි , ඒ දවස් හරිම ලස්සනයි. මේ චිත්‍රපටියේ රගපාපු ප්‍රධාන නළුවත් මේ ලෝකේ අතැරලා ගිහින් ඉවරයි, එයාටත් තියෙන්න ඇති ඒ වගේ සුන්දර කාලයක් හරියට මේ ගීතයෙන් කියනවා වගේ. කෙනෙක්ගේ ජිවිතේ ලස්සනම කාලේ මොකක්ද කියල ඇහුවොත් ගොඩක් අයගේ උත්තරේ වෙන්නේ පාසල් හෝ උසස් අද්‍යාපනය ලබපු කාලය. කරන්න ඕනේ හැම වැඩක්ම කරලා බලන, නරකයි තහනම් කියල කියල තියන දේවල් කරන්න හිතෙන, කරන ඒ ලස්සන කාලය ගැන කියන ලස්සන අපුරු ගීතයක් මේක. ආදරේ හැගීම් ඉස්සල්ලම හිතට දැනෙන, ඒ හැගීම් එක්ක ජිවත් වෙන ඒ කාලේ ගැන කියවෙන මේ ගීතයේ තේරුම ත් හරිම ලස්සනයි.

ඒ ලස්සන මතක අපි මතකයේ තියන පරණ ඇල්බමයේ හංගගෙන තියාගෙන ඉන්නවා, (ඔව් අපි හැමෝම ඒ මතකයන් හංගගෙන ඉන්නවා, කාටවත් කියල නැති ඒ මතක අපේ මතකයේ ගැබුරුම තැනක තියනවා). ඒ මතකයන් අපි ඉතුරු කරගෙන තියාගත්තා හරියට පොඩි ළමයෙක් කැටයකට සල්ලි ඉතුරු කරනවා වගේ. (ඔව් ඒ තරම ආසාවෙන්). අපිට කිසිම දෙයක් ගැන බයක් තිබුනේ නෑ , කිසිම දෙයක් ගැන දුක් වෙන්නේ නැතුව අපි ජිවත් උනා හරියට සමනල්ලු වගේ. අපිට හිටපු හොදම යාළුවො හිටියේ ඒ දවස් වල, අපි ගොඩක් දේවල් බෙදාගත්ත, යාළුකම, ආදරය, දුක, සැප, පොත් පැන් පැන්සල්, ඇදුම් පැළදුම් පවා. ඒ දවස් තමා හොදම දවස් අපේ .

අපිව හැමෝම දැක්කේ නරක ළමයි විදිහට, ඒ තරම් නරක විදිහට අපි හැසිරෙන්න ඇති. (ඒක නම් ඇත්ත, අපි පාරේ යනකොට අනික් අයට යන්න අමාරුයි, විශේෂයෙන් කෙල්ලොන්ට, ගැහැණු ඉස්කෝලේ ඇතුලටම ගිහින් කෙල්ලොන්ට කතා කරන්න හයියක් තිබුණ අපිට, කවුරුහරි යාලුවෙක්ට මොනවා හරි කිව්වොත් කවදාවත් දෙකක් අනින්නේ නැතුව අතාරින්නෙ නෑ ). ඒ හැමදේම කරේ යාලුවොත් එක්ක, පන වගේ යාලුවොත් එක්ක, මොන දේ උනත් යාළුවො පාවල දුන්නේ නෑ අපි, ඒ වගේම යාළුවො තමා අපිට හිටියේ. ඒ දවස් වල තමා අනික් ඉස්කෝලේ හිටපු කෙල්ලොන්ගේ ඇස් දිහා බලාගෙන හිටියේ. ඒ ඇස් දිහා බලාගෙනම එයා ගියපු බස් එක පිටිපස්සේ දිව්වේ. ඔව් ඒ තමා ආදරේ ගැන දැනුන මුල් දවස්, නිදා ගන්නේ නැතුව එයා ගැන හීන මවපු මුල් දවස්. එයා එනකල් පැය ගනන් බස් හෝල්ට් එකට වෙලා බලාගෙන හිටපු , එහෙම ඉදල එයා ආව ගමන් අහක බලාගෙන හිටපු, එයා එක්ක ෆෝන් එකෙන් පැය ගනන් කතා කර කර හිටපු, එයා ඉස්කෝලේ අරන් එන බෑග් එක, එයා කොන්ඩේ බදින විදිහ, එයා ඇවිදින විදිහ, එයා බලන විදිහ හරිම ලස්සනයි කියල කිව්ව ඒ කාලේ. ඒ තමා ආදරේ මුල් දවස්.

කරන්න නරකයි කියල තිබුන හැම වැඩක්ම අපිට කරන්න ඕනේ උනා, ඒ හැම එකක්ම අපි කරා, අපි ඔක්කොම එකට කරා ඒවා. ඉස්කෝලෙන් පැනල කදු නගින්න ගියා, කොහෙද අපි නොගියේ ? මතකද මුල්ම බියර් වීදුරුව බිලා අපි පිස්සෝ වගේ කියෙව්වා, ඉස්කෝලේ එහා පැත්තේ බාර් එකෙන් රා බෝතල් උස්සගෙන ඇවිල්ල හැංගිලා බිව්වා මතකද? අවසර දුන්නේ නැති හැම වැඩකටම අපි එකතු උනා මතකයි නේද? ඒ හැමදේම මතකයේ තියනවා. අපි හැම සීමාවක්ම ඉක්මවා ගියා, කරපු සමහර දේවල් වල කිසිම තේරුමක් තිබුනේ නෑ , එත් අපි එකතු වෙලා ඒ හැම එකම කරා.

අපිට හම්බුනේ අපිටම ගැලපෙන යාළුවො ටිකක්, මතකද සහෝදරයා අපි ඔක්කොටම එකම කෙල්ලව ඕනේ උනා. අපිටම හරියන පිස්සු යාළුවො ටිකක්, අපි ඔක්කොටම ඕනේ උනේ එකම විදිහේ ඇදුම් අදින්න. ඒ තමා අපේ ජිවිත ලස්සන පාට වලින් පාට වෙලා තිබුන දවස්, හරියට එහා පැත්තේ තිබුන ලස්සන මල් පාර වගේ. තාමත් මතකයි R D Burman ගේ සින්දු ටික ඒ පරණ චිත්‍රපටියේ . අපි කොච්චර නම් කියන්න ඇතිද ඒවා යාලුවොත් එක්ක, සංගීත භාණ්ඩ අරගෙන ඒ සින්දු වාදනය කරා මතකද අනික් අයට ඇහෙන්න. ඒ තමා අපි සංගීතයට, ගිටාරයට ආදරේ කරන්න පටන් ගත්ත දවස්, ඒ තමා අපි සින්දු කියන්න ඉගෙන ගත්ත දවස්, හරිම ලස්සන දවස්.

ඉතින් ඔන්න ඔහොම තමා ඒ සින්දුවේ තේරුම යන්නේ, Sushanth Singh Rajputh ටත් තියෙන්න ඇති මේ වගේ ලස්සන කාලයක් හරියට ඔයාට මට තිබුන වගේ, ඒ නිසාම එයාගේ රගපෑම හරිම තාත්විකයි මේ චිත්‍රපටියේ, එත් එයා මේ ලෝකෙනුත් ගිහින් ඉවරයි, ඉතින් ඒ තමා ජිවිතේ, ලස්සන කාලේ විතරක් නෙවේ, අමාරු කාලෙකුත් තියනවා. ඉතින් මේක හරිම ලස්සන ගීතයක් ලස්සන තේරුමක් තියන. සංගීතය Pritam : චිත්‍රපටිය : Chichchore

Sharing

Everybody talks about sharing, specially in this Corona pandemic, someone could think how do I share? Share with which people? What I’m going to share? Well seems to be fair questions because we are facing lock down time to time, curfew time to time to stop spreading the virus. I could meet few people, personally and by over the phone, they shared their way of sharing, that was good to know and I would like to share those ideas here.

  1. One of my friend owns a building in the mid of the town which has been rented out. We all know that this is not good days for the business, so when the time of rental is due this tenant has come to meet the owner. He has said that he cannot pay the full rental because of decrease of the business, ha has said that that he can only pay half of the amount. Then my friend has said, I have some commitments and I will be in a difficult situation if I not get the full rental, but that is not a problem I will take as you pay. So That is the sharing, He has shared his half of income with person who has faced difficulties in this pandemic.
  2. Thinking about who needs something, who needs some money, who needs foods will give a clear picture about sharing. When the curfew is lifted we are going super markets to buys the things we need, packed food items, grocery items, fruits and vegetable and everything. There was my friend he never goes to the super markets to buy fruits and vegetables but he goes to small shops side in the road, he thinks they are the people who needs some more support these days, they do not have lots of money saved, they are doing day to day business by selling fruits and vegetables they have, so my friend shares some money with them. He could have bought them at the supermarket easily and comfortably, but he has this habit to help others in different ways, so I think his way can be considered a good way of sharing.
  3. This story I heard from one of my friend in my town, he goes to Sunday fair every week, so he can remember the vendors in the fair, he knows that lot of poor people comes into the fair to sell their products, specially vegetables and fruits and poultry products. One week he has noted that some familiar face was missing, he has noted this for few weeks, an old lady who was selling vegetables from her garden. He asked her about next old lady who was friend of the missing lady, she has said the the old woman is suffering from a cancer and does not have capability to come to fair. Then he got her address and promised that he is going to visit the old lady, as promised he has visited her house and donated her family a pack of food items so they can consume for a month. He also mentioned that he is going to visit her once in a two months and asked me to join, I said yes and we visited he last week. That is another way of sharing with people who cannot earn some money.

නොමැත වර්තමානයක්

අතීතය මතකයකි සිතීමෙන් පලක් නැති
ඉදිරියද මුලාවකි සිතුවත් සිතාගත නොහැකි
නොවේ වර්තමානයක් මේ මොහොත යයි අප සිතන
ඇත්තේ එක ක්ෂණයක්ය එයද අප දමා දුවන

Get Well Soon USA

Get well soon USA. Everyday I’m watching the death rate and other statuses of Corona virus and being watching that death rate of USA fluctuating. I feel happy today because it was 638 yesterday and it was 1500+ day before yesterday and I hope it will decreasing more by tomorrow.

I hope it will never go up again and USA will be heal up by the mid of this month June. The only country I have been in my life is USA and I will thankful and grateful to my working office for giving that chance. USA accepted me to the beautiful state New York and I could travel everywhere in the New York city. I appreciate the hospitality of the city and the people but now they are in trouble but we know for sure USA will come back strongly.

Incomplete story

Let’s meet today, that is what she said and I agreed.
We met somewhere on the road, no one knew us.
Lets go to a good place where we can talk.
I took her to a best night club in the town.
She sipped some wine and I was greedy of beer.
Music started with slow rhythm.
We heard voices of other people.
She was in front of me looking out of a window.
She wanted my support to finish the wine.
I wanted her support to finish up the beer pitcher.
Music was intensive and some people stepped on to the floor.
They started to dance as we were talking.
I seated the same place where she was seating.
She came more closer to me and I kissed her slowly.
She accept that and kissed me back.
The waiters and the other staff were looking at us.
It did not matter to us, we kissed as it was like a first time..
The waters came and said they are going to close..
We hit on the road on that night and walking with twisted hands..
We sat somewhere by the road and again kissed.
She said I need to stay with you..
I said yes, only for tonight.

මිනිහ මැරිලා තියෙන්නේ බිලා

අධ්‍යාපනය, නව තාක්ෂනය හරියට ගමට ගියේ නෑ, ඒ නවීන තාක්ෂනය ලබා දෙන්න හොද පාසැල් ගමට අරන් ආවේ නෑ , ගමේ ගොවියට ගොවිතැන් වලට ඕන කරන තාක්ෂණය ගමට අරන් ආවේ නෑ , ඒත් අරක්කු ටික , කුඩු , ගංජා ටික නම් අවා, අවා නෙවේ අරන් අවා. අදටත් ගම්වල මිනිස්සු මැරෙනවා අරක්කු / කසිප්පුම බිලා. තරුණ කොල්ලෝ නාස්ති වෙනවා කුඩු හින්දා, අපේ රටේ එක පරම්පරාවක් නැති කරා අරක්කු වලින්, තව පරම්පරාවක් නැති කරන්න හදනවා කුඩු වලින්. මේ රට කරපු කිසිම ආණ්ඩුවක් මේ ගැන හිතුවේ නෑ , උන්ට ඕන උනේ සල්ලි, අරක්කු වලින් එන බදු සල්ලි, සිගරට් වලින් එන බදු සල්ලි. හිතන්න එපා මෙච්චර කාලයක් මේ රට කරපු අය අපිට ආදරේට දෙයක් කලා කියල, හැමදේම කරේ එයාලගේ පරම්පරාවල් වෙනුවෙන්, උන්ගේ පරම්පරාවල් ගොඩදාගන්න අපේ පරම්පරාවල් නැති කරා. ඒ නිසා තේරුම් ගන්න ඔයාගේ පවුල ගොඩදාගන්න ඕනේ ඔයා, එකට ඕන තරම් විදි තියනවා. බොන්න එපා අරක්කු, බොන්න එපා සිගරට්, බොන්න එපා ගංජා , කවුරු මොනවා කොහොම කිව්වත් ඒවා ඔයාගෙ ජිවිතේ නැති කරනවමයි.

ඒ මිනිහ මැරිලා තියෙන්නේ බීලා, මේක මට ඇහුනේ අපේ අම්මගෙන්, බීලා බීලා මැරිලා තියෙන්නේ මල ගෙදරවත් යන්න ඕනේ නෑ, එහෙම තමා මට අහන්න හම්බුනේ. මමත් දන්නවා ඒ මනුස්සය, ඒ මනුස්සය බිව්වා, එත් එයා හොද මනුස්සයෙක්, මුල් කාලේදී අරක්කු බීල පස්සේ පස්සේ කසිප්පු වලට පුරුදු උනා, එහෙම වෙච්ච මනුස්සයෙක්ගේ බොකු බඩවැල්, අක්මාවට මොකද වෙන්නේ කියල අපි දන්නවා, මගේ හිතේ ලොකු දුකක් ඇති වුනා ඒක ඇහුවම, මොකද ඒ මනුස්සයව ඒකට ඇබ්බැහි කෙරෙව්වා එයත් නොදැනුවත්වම, මම කලිනුත් කිව්වා වගේ ඒ පරම්පරාව නැති කෙරෙව්වා අරක්කු වලින්. මම දන්නවා ඔයාලගෙත් ලගම කවුරුහරි ඇති මේකට අහුවුණ, නොදැනුවත්වම, ටිකෙන් ටික. අපේ රටට වැඩ කරන්න හිටපු මිනිස්සු නැති කෙරෙව්වා මේ විදිහට. මේ කියපු දේවල් ටික වෙලාවක් අරන් කල්පනා කරලා බලන්න එහෙම නෙවේද උනේ කියලා.

මේ දේම දැනටත් වෙනවා, එත් වෙනස් විදිහට, මත්කුඩු, අරක්කු, සිගරට්, මේ හැම විදිහටම මේක ක්‍රියාත්මක වෙනවා අපේ ඊලග පරම්පරාවත් නැති කරන්න, ඒ නිසා ඇස් අරගෙන අවදියෙන් ඉන්න හැමදෙයක් ගැනම, ඊළගට ගොදුරු වෙන්නේ ඔයා වෙන්න පුළුවන්, ඔයාගේ දරුවෙක් වෙන්න පුළුවන්, සහෝදරයෙක් වෙන්න පුළුවන්, ඒ නිසා අවදියෙන් ඉන්න.

බෝඩිම්කාරයා